brand logo

ගම්පහ කොවිඩ් රෝගීන් 40ක් නිවෙස්වලම

22 January 2021

    සති දෙකක කාලයක සිට ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිත රෝගීන් හතළිස් දෙනකු පමණ නිවෙස්වලට වී සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ රෝහල්වල ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා මෙලෙස කොවිඩ් ආසාධිත රෝගීන්ට නිවෙස්වලම රැඳී සිටීමට සිදුව ඇති බවයි. මේ හේතුවෙන් රෝග ව්‍යාප්තිය සිදුවීමේ අවදානමක් ඇති බවද එම නිලධාරීහු සඳහන් කරති. මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව එකොළොස් දහස් පන්සිය ඉක්මවා ගොස් ඇත. වරුණි පෙරමුණ
 

More News..