brand logo

ගම්පහ කොරෝනා රැල්ලෙන් ආර්ථිකයට දරුණු පහරක්

10 October 2020

  මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් ආරම්භ වූ කොරෝනා දෙවැනි රැල්ලත් සමග ගම්පහ දිස්ත්‍රික්කය තුළ පහිටි කර්මාන්ත තිස්දහසක පමණ සේවය කරන සේවක සේවිකාවන් ලක්ෂ අටක් පමණ පීඩාවට පත්ව ඇත. මින් වැඩිම කර්මාන්ත ප්‍රමාණයක් පවතින්නේද දැනට කොරෝනා දෙවැනි රැල්ලට ගොදුරු වී ඇති මිනුවන්ගොඩ හා දිවුලපිටිය යන ආසනවලය. ඉන්ද වැඩිම ප්‍රමාණයක් වන කර්මාන්ත හාරදහස් දොළහක් (4012) දිවුලපිටියේ සහ කර්මාන්ත දෙදහස් අටසිය තිස් තුනක් (2833) වශයෙන් කර්මාන්ත හයදහස් අටසිය හතළිස් පහක් (6845) එම ආසන දෙකේ පිහිටා තිබේ. එයින්ද වැඩිම කර්මාන්ත ප්‍රමාණයක් රෙදි පිළි, ඇඳුම් පැලඳුම් හා සම් ආශ්‍රිත නිෂ්පාදන ආයතන වේ. මිනුවන්ගොඩ 846ක් ද දිවුලපිටියේ 756ක් වශයෙන් ඒවා පිහිටා ඇත. කෙසේ වෙතත් දිවුලපිටියේ වැඩිම කර්මාන්ත ප්‍රමාණයක් ඇත්තේ අලෝහමය ඛනිජ නිෂ්පාදන ආයතන වන අතර එම කර්මාන්ත සංඛ්‍යාව එක්දහස් හාරසිය හැත්තෑ නවයකි (1479) කි. ඊළඟට වැඩිම නිෂ්පාදන ආයතන ලෙස ආහාර, බීම වර්ග, හා දුම්කොළ නිෂ්පාදන ආයතන වන අතර දිවුලපිටියේ 577ක් ලෙසත්, මිනුවන්ගොඩ 542ක ලෙසත් එම කාර්මාන්ත පවතියි. චමින්ද සේනාරත්න
 

More News..