brand logo

ගම්පහට දිගටම ඇඳිරි නීතිය

25 October 2020

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (26) දවස තුළ ඉවත් කිරීමට කිසිසේත් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරනවා. ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිරෝධායන ඇඳිරිනීතිය පවත්වාගෙන යන අතරේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසාදීමට පියවර ගැනීමට නියමිත බව ඔහු සඳහන් කරනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (25) උදෑසන රුපවාහිනී වැඩසටහනට එක්වෙමින් මේ බව සඳහන් කර ඇත. යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ දින තුනකට වඩා අඛණ්ඩව නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශ වේනම් එම ප්‍රදේශවලටත් හෙට දිනයේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දෙන බවයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කරනු ඇති බවයි.
 

More News..