brand logo

ගම්පහ අභිබවමින් කොළඹ කොරෝනාවෙන් ඉදිරියට

10 November 2020

ඊයේ(09) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 356ක් හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්‌ථානය පවසයි. වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර ආසාදිතයින් 193ක් කොළඹින් හඳුනා ගෙන ඇත. එලෙස වාර්තා වූ ආසාදිතයින් අතුරෙන් 147 දෙනෙකු කොළඹ සෞඛ්‍ය කොට්ඨාශ වලින් වාර්තා වීමද විශේෂත්වයක් වේ. ඊට අමතරව බම්බලපිටිය ප්‍රදේශයෙන් 02දෙනෙකු, වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් 03දෙනෙකු, කිරුළපන ප්‍රදේශයෙන් 02දෙනෙකු, මරදාන ප්‍රදේශයෙන් 02දෙනෙකු, දෙමටගොඩ ප්‍රදේශයෙන් එක්කෙනෙකු, අතුරුගිරිය ප්‍රදේශයෙන් එක්කෙනෙකු, රණාල ප්‍රදේශයෙන් එක්කෙනෙකු, කඩුවෙල ප්‍රදේශයෙන් එක්කෙනෙකු, ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් 02දෙනෙකු, කොළොන්නාව ප්‍රදේශයෙන් එක්කෙනෙකු, මොරටුව ප්‍රදේශයෙන් 03දෙනෙකු, නුගේගොඩ ප්‍රදේශයෙන් 02දෙනෙකු, මාළිගාවත්ත ප්‍රදේශයෙන් 07දෙනෙකු, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 01දෙනෙකු, මීගොඩ ප්‍රදේශයෙන් එක්කෙනෙකු සහ පාදුක්ක ප්‍රදේශයෙන් 02දෙනෙක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත. දෙවෙනියට වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 99ක් ගම්පහින් වාර්තා වී ඇත. ගම්පහ ප්‍රදේශයෙන් එක්කෙනෙකු, කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් එක්කෙනෙකු, මීගමුව ප්‍රදේශයෙන් 04දෙනෙකු , වේයන්ගොඩ ප්‍රදේශයෙන් 04දෙනෙකු , වැලිවේරිය ප්‍රදේශයෙන් එක්කෙනෙකු, ඉඹුල්ගොඩ ප්‍රදේශයෙන් 04දෙනෙකු , කිඹුලාපිටිය ප්‍රදේශයෙන් 03දෙනෙකු , ගණේමුල්ල ප්‍රදේශයෙන් 04දෙනෙකු , කඩවත ප්‍රදේශයෙන් 12දෙනෙකු , හෙයියන්තුඩුව ප්‍රදේශයෙන් 06දෙනෙකු , මාකොළ ප්‍රදේශයෙන් 03දෙනෙකු , බියන්විල ප්‍රදේශයෙන් එක්කෙනෙකු, දෙකටන ප්‍රදේශයෙන් 03දෙනෙකු , ගෝණහේන ප්‍රදේශයෙන් එක්කෙනෙකු, මැදපිටිපන ප්‍රදේශයෙන් 07දෙනෙකු , රද්දොළුගම ප්‍රදේශයෙන් 05දෙනෙකු , ඇවරිවත්ත ප්‍රදේශයෙන් එක්කෙනෙකු, වත්තල ප්‍රදේශයෙන් 09දෙනෙකු , පෑලියගොඩ ප්‍රදේශයෙන් 15දෙනෙකු , කැලණිය ප්‍රදේශයෙන් 03දෙනෙකු , ජා-ඇල ප්‍රදේශයෙන් 05දෙනෙකු , බියගම ප්‍රදේශයෙන් එක්කෙනෙකු සහ මහර ප්‍රදේශයෙන් 05දෙනෙකු ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත. මීට අමතරව කළුතරින් ආසාදිතයින් 28 දෙනෙකු, රත්නපුරින් ආසාදිතයින් 8 දෙනෙකු, මහනුවරින් ආසාදිතයින් 7 දෙනෙකු, මඩකලපුවෙන් ආසාදිතයින් 6 දෙනෙකු, කුරුණෑගලින් ආසාදිතයින් සිව් දෙනෙකු, මාතරින් ආසාදිතයින් තිදෙනෙකු ලෙස හඳුනාගෙන තිබේ. ගාල්ලෙන් ආසාදිතයින් දෙදෙනෙකු සහ අනුරාධපුර, පුත්තලම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් හඳුනාගෙන ඇති බව සඳහන් වේ.
 

More News..