brand logo

ගම්පහ අධිකරණයේ සේවකයින් PCR පරීක්ෂණයට

15 July 2020

ගම්පහ දිසා අධිකරණයේ විනිසුරුවරිය ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. පසුගිය 06 වනදා විභාග වූ නඩුවක සාක්ෂි ලබාදීම සඳහා පැමිණි පුද්ගලයෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට හඳුනාගැනිමත් සමග ඔවුන් ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය සඳහන් කරයි. මෙලෙස කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රියදුරෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුට බව වාර්තා වන අතර ඒ හේතුවෙන් ස්වයං නිරෝධායනට ලක් කළ පිරිස අතර නීතිඥවරුන් දෙදෙනකු සහ සෙසු පිරිස අධිකරණයේ සේවය කළ නිලධාරින් පිරිසක් බව සඳහන් වේ. ඔවුන් සියලුදෙනා අද (15) පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කරන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
 

More News..