brand logo

ගම්පහින් හමු වූ කත පළමු ආසාදිතයා නොවේ

07 October 2020

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ කීප දෙනකුට ඉකුත් සැප්තැම්බර් මස 20 වැනිදා සිටම උණත් සමග ශ්වසන ආබාධ තත්ත්වයන් පැවැති බවට අනාවරණය වී ඇත. එමෙන්ම එම ආයතනයේදී වයිරසය ආසාදනය වූ පළමු කාන්තාව ගම්පහ රෝහලේදී හඳුනාගත් කාන්තාව නොවන බවද වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියයි. වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂකවරයා, මෙම කාන්තාවට රෝග ලක්ෂණ පහළ වෙන්නේ සැප්තැම්බර් මාසයේ 28 වැනිදා විතර.ඇය ගම්පහ මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට යන්නේ සැප්තැම්බර් මාසයේ 30 වැනිදා විතර. ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින්ගේ තොරතුරු ලබා ගනිද්දී අපි දැක්කා සැප්තැම්බර් මාසයේ 20 වැනිදා සිට නොයෙක් අයට උණත් සමග ශ්වසන රෝග ආබාධ පැවැති බව. පසුව එය ක්‍රම ක්‍රමයෙන් වැඩිවී තිබෙනවා. එම තත්ත්වයන් පිළිබදව සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබුණා. ආයතනයට විදේශ ජාතිකයින් පැමිණි බවට සාක්ෂියක් තවම හමුවී නැහැ. කොහෙන්ද මේ රෝගය ආවේ කියලා මූලාශ්‍රය හොයා ගන්න පුළුවන් නම් හොඳයි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා/සාලිය කුමාර ගුණසේකර
 

More News..