brand logo

ගමටකට ‍ගෙවල් 25ක් සාදා පෝස්ටර 30 ගැසු පමණින් සජිත් ජනාධිපති ලෙස පත් කළ නොහැකියි

13 August 2019

උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ගෙවල් සාදාදුන් පමණින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත් කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධාන වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා පවසයි. මන්නාරම ප්‍රදේශයේ පැවැත්වු වැඩසටහන් අවස්ථාවකට ඊයේ(12) එක්වෙමින් චාර්ල්ස් නිර්මලනාදන් මහතා එලෙස පැවසුවේය. නිර්මලනාදන් මහතා පැවසුවේ නිවාස නොමැති ජනතාව ‍වෙත නිවාස සාදාදීම රජයේ කාර්යයක් වන අතර, සජිත් ප්‍රේමදාස මහතා ඒ වෙනුවෙන් කටයුතු කළ බවයි. ගෙවල් 25 ක් සාදා ඒ වෙනුවෙන් පෝස්ටර 30 ක් ගැසීම හා මන්නාරට පැමිණ තරුණයින් සමඟ පාපන්දුවකට පහරදීම දේශපාලනයේ ස්භාවය වන බවත් ඒ ගැන සිතා දෙමළ ජනතාවට සජිත් ප්‍රේමදාස ජනාධිපති ලෙස පත් කිරීමට නොහැකි බවත්,සජිත් ප්‍රේමදාස මහතා උතුරු නැගෙනහිර වෙන්කරන මුලතිව් සීමාවේ පැවති කෝකිලායි දෙමළ පාරම්පරික ගම්මානයේ සිංහල ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළ බවත් ඒ ගැනත් දෙමළ ජනතාව සිතා බැලිය යුතු බවයි. කෝකිලායි ප්‍රදේශයේ දෙමළ මවක් තමන්ගේ ජනතා‍‍වගේ ඉඩම් තුළ සජිත් ඇමති සිංහල ජනාවාස බිහි කරන බවට හඩමින් තමන් වෙත පැවසු අතර, අදාළ කාරණා ගැන සිතා බලා ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව සජිත් සම්බන්ධයෙන් තීරණ ගතයුතු බවයි. මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසූවේ යුද්ධයෙන් හා යුධ සමයෙන් අනතුරුව උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් පැවති පාලනයන් හරහා නිසි විසදුම් නොලැබි ඇති බවයි. එබැවින් දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් ස්ථිර විසදුම් ලබාදෙන බවට විශ්වාසවන්ත පුද්ගලයෙකු වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය මෙන්ම දෙමළ ජනතාව සහයෝගය ලබාදිය යුතු බව හෙතෙම සදහන් කළේය. උතුරු නැගෙනහිර පළාත් තුළ සිංහල ජනාවාස බිහි කිරීම නවතා දැමීම, උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ ජන ජිවිත නඟා සිටුවීම,අතුරුදහන්වූවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදීම,දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම වැනි පොරොන්දු ඉටුකරන බවට ස්ථිර සහතිකයක් දෙන පුද්ගලයෙකු ජනාධිපතිවරණයේදී තෝරා ගත යුතු බවත්, එලෙස නොවන්නේ නම් දෙමළ ජනතාවගේ ජන්දයේ වටිනාකම පෙන්වාදිය යුතු බවද නිර්මලනාදන් මහතා පැවසීය. සුළු ජාතීන් නියෝජනය කරන දෙමළ ජනාතාවගේ ජන්දය පදනම් කර ගනිමින් ජනාධිපති පත්වන බවට දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම් බවට ප්‍රකාශ කරන ගෝඪාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස හොදින් දන්නා බවත්, දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන බවට සැබෑ පොරොන්දු ලබාදෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් දෙමළ ජනතාව තමන්ගේ වටිනාකම පෙන්වාදිය යුතු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. දෙමළ ජනතාව‍ගේ ඉල්ලීම් ඉටුකිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ සජිත් ප්‍රේමදාස මහතා එකඟවෙන්නේ නම් ඒ ගැන සළකා බලා ජන්දය ලබාදීම තීරණය කළ යුතු බවද නිර්මලනාදන් මහතා කීය. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..