brand logo

ගත වූ පැය 24ක කාලය තුළ රියඅනතුරු හේතුවෙන් 12ක් මරුට

02 January 2021

  පසුගිය පැය 24ක කාලය තුලදී රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. එසේම බිමතින් රිය පැදවූ රියදුරන් 253 දෙනෙකු එම කාලය තුළ අත්අඩංගුවට ගත්බව වැඩි දුරටත් සඳහන් කර ඇත. එසේම කොවිඩ් වසංගතයට පෙර රටේ දිනකට මියගිය සංඛ්‍යාව 8 - 9ක් පමණ වූ බවත් කෙසේ නමත් ගතවූ පැය 24ක කාලයේ 12 දෙනෙකු මියගොස් තිබෙන බවත් පැවසෙනවා. වැඩි දුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා , ''මෑත දින 10 කාලය තුළ වැඩිම පිරිසක් මියගිය පැය 24ක කාලපරිච්ජේදය හැටියට මෙය හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොවිඩ් වසංගතයට පෙර අපේ රටේ දිනකට මියගිය සංඛ්‍යාව 8 - 9ක් වගේ වෙනවා. නමුත් පසුගිය පැය 24 තුළ 12 දෙනෙක් මියගොස් තිබෙනවා. එමෙන්ම දෙසැම්බර් 20 සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ලංකාවේ රියඅනතුරුවලින් මියගිය සංඛ්‍යාව 65ක් පමණ වෙනවා. ඒ වගේම පසුගිය පැය 24ක කාලය තුළ රියඅනතුරුවලින් 40 දෙනෙක් පමණ තුවාල ලබා තිබෙනවා. මෙයින් 6 දෙනෙක් බරපතළ අය. ''
 

More News..