brand logo

ගත්ත ණය නොගෙවන අයට වයිරසය පන්දම් අල්ලයි

24 June 2020

ශ්‍රී ලංකාවේ බැංකුවල අයහපත් ණය (නොගෙවා පැහැර හරින ලද ණය) 2020 මාර්තු මාසය අවසන් වනවිට දළ ණයවලින් 5.1%ක් දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව 2019 දෙසැම්බර් මාසයේදී එම අගය 4.9% ලෙස දැක්විණි. මහ බැංකුව පෙන්වා දෙන්නේ 2018 අවසානයේ පැවති මූල්‍ය අර්බුදයේ සිට ක්‍රමයෙන් ඉහළ ගිය මෙරට බැංකුවල අයහපත් ණය 2020 ආරම්භයේදී කොවිඩ් ව්‍යාප්තියත් සමග ක්‍රමිකව ඉහළ යමින් පවතින බවකි. මෙම තත්ත්වය බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට තවදුරටත් අයහපත් ලෙස බලපා ඇති අතර එම බැංකුවල නොගෙවා පැහැර හැර ඇති ණය ප්‍රතිශතය 2020 මාර්තුවේදී දළ ණය ප්‍රමාණයෙන් 6.6%කි. පසුගිය දෙසැම්බර් මාසයේදී එම අගය 5.5%ක් විය. මහ බැංකු දත්තවලට අනුව මෙරට සිදුවූ සෑම ආර්ථික ආගමන තත්ත්වයකින් අනතුරුව මාස 12-18 කාලයක් තුළ බැංකුවල අයහපත් ණය තත්ත්වය ක්‍රමිකව ඉහළ ගොස් ඇති අතර මහ බැංකු මුදල් මුද්‍රණ්‍ ය හා තවත් ක්‍රමවේද ඔස්සේ ද්‍රවශීලනය ඉහළ නැග ඇත. නයන තරංග ගමගේ
 

More News..