brand logo

ගතවූ පැය 48 තුළ හදිසි අනතුරු හේතුවෙන් 410ක් ජාතික රෝහලේ

15 April 2019

ගතවූ පැය 48ක කාලය තුළ හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 410 දෙනෙකු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ. ඔවුන් අතරින් 203 දෙනෙකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේය. මාර්ග අනතුරුවලින් 13 දෙනෙකු, නිවසේදී සිදුවු විවිධ අනතුරු හේතුවෙන් 49 දෙනෙකු සහ හිංසන ක්‍රියා හේතුවෙන් 36 දෙනෙකුද ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ ගිනිකෙළි අනතුරු හේතුවෙන් ද පුද්ගලයින් 6 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි. පසුගිය වසරට සාපේක්ෂව මෙවර අවුරුදු සමයේ හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගතවූ පුද්ගලයින් සංඛ්‍යාව 8% කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
 

More News..