brand logo

ගතවූ දින 15 තුළ ඩෙංගු රෝගීන් 430 ක් වාර්තා වෙලා

17 May 2021

ගත වූ දින 15ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 430 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ගතවූ දින 15 තුළ කොළඹින් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 150ක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කරයි. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,317 කි. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.
 

More News..