brand logo

ගංවතුර බලපෑ ප්‍රදේශවල කොවිඩ් පරීක්ෂණ වැඩි කරන්න

07 June 2021

ගංවතුර උවදුරට මුහුණ පෑ ප්‍රදේශ වල එම ප්‍රදේශ වල ගං වතුර බැස ගිය පසු  PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට ඉල්ලීමක් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා සඳහන් කරයි. මේ අනූව ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව එම PCR පරීක්ෂණ වැඩි කිරීමට බලාපොරොත්තුවන බව ඔහු පෙන්වා දෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇළ, වත්තල, කැලණිය, කොළොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශවල PCR පරීක්ෂණ වැඩි කිරීම සඳහා එම ඉල්ලීම සිදුකර ඇත. "ගංවතුර තත්ත්වය බැසගොස් නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වූ වහාම ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇළ, වත්තල, කැලණිය, කොළොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශවල PCR පරීක්ෂණ වැඩි කිරීම සඳහා ඉල්ලීමක් කරලා තියෙනවා. තවත් උවදුරක් ලෙස ඩෙංගු උවදුරත් මේ දිනවල හිස ඔසවාගෙන යනවා. ඒ නිසා තමන්ගේ පරිශ්‍ර පිරිසිදු කරගන්න."
 

More News..