brand logo

ගංවතුරෙන් බැට කෑ නාවලපිටියේ අරගලයට අරුණ සහය (වීඩියෝ)

18 August 2022

අරුණ දිවි සවිය නාවලපිටියෙන් අරඹයි

පසුගිය අගෝස්තු පළමු වැනිදා නාවලපිටියට වසර 50කට පසු ගැලූ මහා ගංවතුර වාර්තා වුණා. මිලී මීටර 270ක් තරම් වූ මහා වර්ෂාපතනය නාවලපිටියේ පවුල් 600ක් අවතැන් කළා. එක පිට එක අපේ මිනිසුන්ගේ හිස මත කඩා වැටුණු රෝග, දේශපාලනික, සමාජ ව්‍යසනයන් අතර සොබා දහම කැළඹී කළ මේ ව්‍යසනයෙන් නාවලපිටියේ අපේ ම සහෝදර ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් කළා. වාර්තාකරණයෙන් ඔබ්බට තම සමාජවගකීම මැණවින් හදුනා ගෙන සිටින ලිබර්ටි ප්‍රකාශන ආයතනයේ අරුණ ඩිජිටල් මාධ්‍ය කණ්ඩායම නාවලපිටියේ ජනතාවගේ දුකට යම් අයුරකින් හෝ පිහිටක් වීමේ අරමුණින් ‘‘අරුණ දිවි සවිය‘‘ සමාජ සත්කාර වැඩපිළිවෙල සමගින් පසුගිය 16 වැනිදා නාවලපිටියට නික්ම ගියා. ‘‘අරුණ දිවි සවිය‘‘ සමාජ සත්කාර වැඩ පිළිවෙළ යටතේ මෙහිදී අවතැන් වූ පවුල් 100ක් මෙහිදී ප්‍රතිලාභ ලැබූ අතර ඔවුන් සියලු දෙනාට මෙහිදී වියලි සලාක මල්ලක් පිරිනැමීමට කටයුතු කෙරැණා. https://youtu.be/Sdk1FaImkq4
 

More News..