brand logo

ගංජා ප්‍රවාහනය කළ තිදෙනෙකු අත්අඩංගුවට

07 January 2019

ත්‍රී රෝද රථයකින් ගංජා කිලෝ ග්‍රෑම් 01 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකුව ආණමඩුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 06 වැනිදා සවස ආණමඩුව - ගල්ගමුව මාර්ගයේ කුඩාවැව මංසන්ධියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. ගංජා තොගය සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරින් දෙදෙනෙකු කල්පිටියේ පදිංචිකරුවෙකු වන අතර,අනෙක් සැකකරු දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුවන් වයස අවුරුදු 29,27 සහ 24 වැනි වියේ පසුවන අයවළුන් බව පොලීසිය කියයි.දියතලාවේ පදිංචි සැකකරු කාලයක් කල්පිටියේ පදිංචිව සිට ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත. ගංජා තොගය පොලිතින් උර තුනක (03) ඔතා එම පාර්සල් බෑගයක අසුරා තිබී ඇත. ඒ අනුව මෙම පාර්සල් තුන තිදෙනෙකුට ලබා දීම සදහා රැගෙන යමින් සිටි බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි. සැකකරුවන් තිදෙනා ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ආණමඩුව පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපාලි,පොලිස් කොස්තාපල්වරුන් වන 45487 සේනාරත්න,35944 දිසානායක,16743 වර්ණසූරිය,87475 සදරුවන්,සහ 83433 කොඩිකාර යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත. ජූඩ් සමන්ත
 

More News..