brand logo

ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

10 January 2019

යතුරු පැදියකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ආරච්චිකට්ටුව පොලීසියට බාර දී ඇත. පසුගිය 09 වැනිදා සවස ආරච්චිකට්ටුව - රජකදළුව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සැකකරුවන් සතුව තිබී ගංජා කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 740 ක්ද වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ආරච්චිකට්ටුව පොලීසියට බාර දී ඇත.අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ආරච්චිකට්ටුව - රාජකදළුව සහ මානාවේරිය පදිංචිකරුවන්ය. සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. ජුඩ් සමන්ත
 

More News..