brand logo

ගංජා චුර්නයක් ලෙස සකසා බෝතල් කරලා

21 February 2021

    තලංගම, පැලවත්ත ප්‍රදේශයේදී ද්‍රාවණයක් ලෙස සැකසූ ගංජා බෝතල් 6ක් සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. එම සොයාගත් බෝතල් 06හි වටිනාකම රුපියල් මිලියන දෙකයි දශම පහක් පමණ වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර ඇත. මෙහි ග්‍රෑම් 609ක ප්‍රමාණයක් ගංජා ද්‍රාවණයක් ලෙස සකසා තිබේ. ‘හෑෂ් ඔයිල්’ යන නාමයෙන් මෙම බෝතල් විකුණන බවට ද තොරතුරු වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ. තවද හෙරොයින්, ගංජා, හෂීස් වැනි මත්ද්‍රව්‍යවලට අමතරව අයිස් වැනි කෘතීම ද්‍රව්‍ය ද සමාජයේ පවතින බවත් ඒ පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දෙන්නැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳව තොරතුරු ඇතොත් 119 , 118 හා 1997 යන දුරකතන අංකවල‌ට මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දිය හැකි බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරනවා.
 

More News..