brand logo

ගංජා ගැන ඇසු තරුණයාට පාඨලි දුන් පිළිතුර

27 July 2020

ජනතාව සැමවිටම සීමාව ඉක්මවා ක්‍රියා කිරිම හේතුවෙන් ගංජා භාවිතය නීතිගත කිරිම සම්බන්ධයෙන් ඔ්නෑම රජයක් පසුබට වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩසටහනකදී ගංජා භාවිතය නීතිගත කළ යුතු ද සම්බන්ධයෙන් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් චම්පික රණවක මහතා මේ බව පැවසීය. කැනඩාව ස්වීඩනය වැනි රටවල් ගංජා කියන දෙය නීතිගත කර ඇති බවත් අප වැනි රටක සීමාව ඉක්මවා කටයුතු කිරිම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ගංජා අධි මාත්‍රාවෙන් යුතුව භාවිත කිරිම හේතුවෙන් මානසික ගැටලුවට මුහුණ දී සිටින බොහෝ පිරිසක් සිටින බව වෛද්‍යවරයෙකු දිනක් පැවසු බව ද පාටලී චම්පික රණවක මහතා මෙහිදී සඳහන් කළා.
 

More News..