brand logo

බෝඩිම් කාමරයේ සැඟවූ ගංජා කිලෝ 88ක් හසුවේ

04 April 2021

මල්වානේ වල්ගම ප්‍රදේශයේ නේවාසිකාගාරයක සඟවා තිබූ කේරල ගංජා කිලෝ 88ක් සොයාගෙන තිබේ. සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. එම ගංජා ප්‍රමාණයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව ද පොලිසිය සඳහන් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙනා ත්‍රිරෝද රථ රියැදුරකු හා මෝටර් කාර්මිකයකු බව ද පොලිසිය පැවසීය.
 

More News..