brand logo

ගංගාරාම නවම් පෙරහැර ජනපති ප්‍රධානත්වයෙන්

09 February 2020

හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 42වැනි නවම් මහා පෙරහැර ඊයේ (8) රාත්‍රියේ වීථි සංචාරය කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියේය. සධාතුක කරඬුව හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලැබුවේය. දෙස් විදෙස් බැතිමතුන්ගේ නොමද ගෞරවයට පත් නවම් මහා පෙරහැර මංගල්‍යය සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේගේ පදවි ප්‍රාප්තිය සහ බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් සිහිපත්කරමින් පවත්වනු ලබයි. ගංගාරාමධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කරමින් මෙවරත් හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර ඉතා අලංකාරවත් ලෙස පැවැත්වුණි.
 

More News..