brand logo

ගංගාවල සංරක්ෂිත කලාප නම් කිරීමට යයි

03 May 2021

ගංගා ආසන්නයේ සංරක්ෂිත කලාප නම් කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹීමට පරිසර අමාත්‍යංශය තීරණය කර ඇති අතර ඒ "සුරකිමු ගංගා" වැඩසටහන යටතේය. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම ගංගා ආශ්‍රිත දත්ත රැස්කර ඇත. මෙහිදී විවිධ පුද්ගලයින් විසින් ගංගා ද්‍රෝණි විනාශ කිරීමේ නීති විරෝධී කටයුතුවල යෙදෙන බවට වන තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ගංගා වලට අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන දස දහසක් පවතින බවත් මධ්‍යම පරිසර අධිකාරිය නිරීක්ෂණය කර ඇත. තවද කිසිදු ගංගාවකට සංරක්ෂිත කලාප නම් කර නැති නිසා විවිධ පුද්ගලයින් නිවාස, ව්‍යාපාරික ස්ථාන, හා වගාව සඳහා ගංගා සමීපයේ වු ඉඩම් අත්පත් කර ගෙන සිටින බව ද හඳුනාගෙන ඇත. මේ නිසා ගං ඉවුරු ආශ්‍රිතව ඇති ඉඩම් අල්ලාගෙන සිටින පිරිස් ඉන් ඉවත් කිරීමට අවධානය යොමුවී තිබේ.
 

More News..