brand logo

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නවතයි

01 July 2019

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විසින් විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවා ඇත. ඊට හේතු වී ඇත්තේ කොළඹ වරායේ සිට කොලොන්නාව තෙල් සංස්ථාව දක්වා දිවෙන තෙල් ප්‍රවාහන නල මාර්ගයේ කිලෝමීටර් 5 න් ඉතිරි මීටර් 140 ක දුර ප්‍රමාණය ප්‍රතිසංස්කරණය පසුගිය 24 වැනිදා නතර කිරීමට හේතුවෙන්. තෙල් ප්‍රවාහන නල මාර්ගය මත ජීවත්වන අනවසර පදිංචිකරුවන්ගේ විරෝධතාවය හේතුවෙන් එම ප්‍රතිසංස්කරණ කටයුතු නතර කිරීමට සිදුවූ බව වෘත්තීය සමිති සදහන් කළේය. මෙය පිටුපස සිටින්නේ රවී කරුණානායක අමාත්‍යවරයා බවට චෝදනා එල්ල කරන ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති කියා සිටියේ මෙම නලය ප්‍රතිසංස්කරණයට ඉඩ නොදුනහොත් අද (01) සිට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවන බවයි.
 

More News..