brand logo

ඛනිජ තෙල් විශ්‍රාමිකයන්ට පාරිතෝෂික නවතී!

04 February 2019

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ විශ්‍රාම යන සේවකයන්ට සකසුරුවම් සමිතියෙන් ගෙවිය යුතු පාරිතෝෂික දීමනා වසරක පමණ කාලයක සිට ලබා දී නැතැයි වාර්තා වේ. එම සේවකයන් විශ්‍රාම යන විට අවසානයට ලබාගත් වැටුප සේවය කළ වර්ෂ ගණනින් වැඩිකර පාරිතෝෂිකය ලබාදෙන අතර එම මුදලෙන් අඩක් සංස්ථාවෙන්ද ඉතිරි අඩ සකසුරුවම් සමිතියෙන්ද ලබාදෙයි. එහෙත් පසුගිය වසරේ සිට මේ වන විට විශ්‍රාම ගොස් ඇති 167 දෙනකුට එම මුදල් ගෙවා නොමැත. එම සමිතිය සතු ගිණුමේ රුපියල් මිලියන 1005 ක මුදලක් ගෙවීම අත්හිටුවා ඇති බවට විශ්‍රාමිකයෝ පවසති. චමින්ද සේනාරත්න
 

More News..