brand logo

ක‍්‍රීඩා ඇමතිට ඔච්චම් කර බොක්සිං පුහුණුකරුවෝ ආසියානු ක‍්‍රීඩා උළෙලට යති?

22 August 2018

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වීමේ සමස්ත පටිපාටිය උල්ලංඝණය කරමින් ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගීවීමට උත්සාහකර ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අණින් අදාළ අනුමැතිය ඉවත් කෙරුණු යුක්රේන පුහුණුකරුවා ඇතුළු බොක්සිං පුහුණුකරුවන් දෙදෙනාම මේ වන විට එම ක‍්‍රීඩා උළෙල පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජකාර්තා හී ක‍්‍රීඩා ගම්මානයට ප‍්‍රවේශ වී ඇතැයි වාර්තා වේ. මෙරට ඇඟළුම් ක්‍ෂේත‍්‍රයේ සමාගමක පුද්ගලික බොක්සිං පුහුණුකරු සහ හිටපු ක‍්‍රීඩක මංජු වන්නිආරච්චිගේ නම් ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකාවේ පුහුණුකරුවන් ලෙසින් ඇමති අනුමැතිය ස`දහා යොමුකර, ක‍්‍රීඩා උළෙල සඳහා වන හැඳුනුම්පත පවා ඔවුන් වෙනුවෙන් ලබාගැනීමට ජාතික ඔලිම්පික් කමිටුව ක‍්‍රියා කර තිබූ නමුත් ඒ පිළිබඳව ශ‍්‍රී ලංකා බොක්සිං සංගමය හෝ ජාතික තේරීම් කමිටුව කිසිවක් නොදැන සිටීම විමතිය දනවන්නක් විය. මෙලෙස රටේ ජාතික සංගමය හෝ ජාතික තේරීම් කමිටුව සතු බලතල සහ පටිපාටිවලට සහමුලින්ම පටහැණි ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ සහ එක් ක‍්‍රීඩා සමාජයක අවශ්‍යතාව අනුව ජාතික නියෝජනය තීරණය වීම රටේ ක‍්‍රීඩා පරිපාලනයට මෙන්ම ක‍්‍රීඩාවේ සදාචාරයටද දැඩි පහරක් බවට පත්වද්දී, ජාතික තේරීම් කමිටුවේ දැනුම්දීම මත ක‍්‍රීඩා අමාත්‍යවරයා වහාම ක‍්‍රියාත්මක වෙමින් වරද නිවැරදි කිරීමට ක‍්‍රියාකළද, මේ වන විට එම තීන්දු තීරණ විහිළුවක් බවට පත්කරමින් ජාතික ඔලිම්පික් කමිටුව සහ එම ක‍්‍රීඩා සමාජය සිය සිතැඟි ඉටුකරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ.
 

More News..