brand logo

ක‍්‍රිකට් ක‍්‍රීඩක දිනේෂ්ගේ බිරිඳ ආසියානු ක‍්‍රීඩා උළෙලේ පදක්කමක් දිනයි

28 August 2018

ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක දිනේෂ් කාර්තික්ගේ බිරිඳ වන දීපිකා පල්ලිකාල් කාර්තික් ආසියානු ක‍්‍රීඩා උළෙලේ ස්කොෂ් ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා තිබේ. 26 හැවිරිදි දීපිකා එම ඉසව්වේ අවසන් පූර්ව තරගයේදී ඉකුත් ශූර මැලෙසියානු ක‍්‍රීඩිකා නිකොල් ඬේවිඞ් හමුවේ තරග වට 3-0 කින් පරාජයට පත්වූවාය. එම ලකුණු තත්ත්වයන් 7-11, 9-11, 6-11 ක් වශයෙන් දැක්විණි. ආසියානු ක‍්‍රීඩා උළෙලේ ස්කොෂ් ඉසව්වේ තෙවැනි ස්ථානය සඳහා වෙනම තරගයක් නොපවත්වන බැවින් අවසන් පූර්ව තරග වටයේදී පරාජය වන තරග කරුවන් දෙදෙනාටම ලෝකඩ පදක්කම බැගින් ලබා දීම හේතුවෙන් ඇයට මෙම පදක්කම හිමි විය.
 

More News..