brand logo

කෝවිඩි නසන්න දේශීය ඖෂධයක් බටහිර රෝහල්වල දෙන්න තීන්දු කරයි

28 October 2020

“සුදර්ශන පැනිය“ නම් ආයුර්වේද ඖෂධයක් කෝවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස යොදා ගැනීමට රජය තීන්දුකර ඇත. මෙම ඖෂධය බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන රජයේ රෝහල් වල භාවිතයට ගැනීමට යෝජනා වී තිබේ. දේශීය වෙදකම සහ ආයුර්වේද වෙදකමේ දීර්ඝ කාලයක් භාවිතා කරන ලද ‘සුදර්ශණ පැණිය’ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට සුදුසු බව බටහිර වෛද්‍ය විද්‍යානුකූලව සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වූ බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන අවධාරණය කරයි. නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ළමා රෝග හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ පවසන්නේ, “සුදර්ශන පැනිය“ බටහිර රෝහල් වල භාවිතා කිරීමට යෝජනා කිරීම බරපතල වෘත්තීමය අපචාරයක් බවයි. බටහිර වෛද්‍ය ක්‍රමය තුළ හොඳින් පුහුණුව ලැබූ වෛද්‍යවරයකුට තමන් පුහුණුව නොලැබූ වෛද්‍ය ක්‍රමයක ඖෂධයක් භාවිතා කිරිමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් තහනම් කොට ඇති බව පවසන අමරසිංහ මහතා එවැනි ක්‍රියාවක නියුතු වූ බටහිර වෛද්‍යවරයකුගේ ලියාපදිංචිය තහනම් කිරිම පවා වෛද්‍ය සභාවට හැකි වන බව කියයි. එසේම තමන් උගත්කමක් නොලැබූ, තමන් අත්දැකීමක් නොලැබූ ඖෂධයක් භාවිතා කිරීම බරපතල වරදක් ලෙසද කියයි. ඖෂධ නියාමන අධිකාරියෙහි ලියාපදිංචි කිරීමකින් තොරව භාවිතා කරන ඖෂධයක් නීති විරෝධී ඖෂධ්‍යක් ගනයට වැටෙන අතර, එවැනි ඖෂධ්‍යක් භාවිතා කරන වෛද්‍යවරයකුට ඖෂධ නියාමන නීතිරීති කඩන්නකු බවට පත් වන බවද හෙතෙම අවධාරණය කරයි.
 

More News..