brand logo

කෝවිඩ්-19 රටවල් 45ක පැතිරේ

28 February 2020

පාකිස්තානයෙන් ඊ‍යේ (27 වැනිදා) දින රෝගීන් දෙදනකු වාර්තා වීමත් සමගම මාරාන්තික කෝවිඩ් - 19 වෛරසය ව්‍යාප්තව ඇති රටවල් සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් ඇත. මීට අමතරව වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයන් තවත් රටවල් 08කින් වාර්තා වී තිබේ. කෝවිඩ් - 19 වෛරසය මේ වන විට ලොව සියලුම මහද්වීප ආක්‍රමණය කර ඇති අතර ලතින් ඇමරිකානු කලාපයේ බ්‍රසීලයෙන්ද මීට දින දෙකකට පෙර ආසාදිතයකු වාර්තා විය. දැනට 82419 ඉක්මවූ ආසාදිතයන් පිරිසක් ලොව පුරා වාර්තා වන අතර වෛරසය හේතුවෙන් මරණයට පත්ව ඇති සංඛ්‍යාව 2808 ඉක්මවා ඇත.   නයන තරංග ගමගේ
 

More News..