brand logo

කෝවිඩ් සමග ලංකාවේ හැසිරිම ගුගල් සමීක්ෂණයක් හෙලි කරයි

03 April 2020

නව කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්තවීමත් සමග ජනතාවගේ හැසිරීම් සහ ගමනාගමන කටයුතු පිළිබද ගුගල් සමාගම විසින් සමීක්ෂණයක් සිදු කර තිඛේ. ඊට රටවල් 131 ජනතාව යොදා ගෙන ඇති අතර කිසිදු පුද්ගලයෙකුගේ පෞද්ගලික දත්ත ලබා නොගත් බවයි ගුගල් සමාගම සඳහන් කලේ. ස්මාර්ට් ජංගම දුරකතන හරහා "Google map App" යෙදුම භාවිතා කරන පිරිසකගේ දත්ත විශ්ලේෂණය කරමින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත. එය නම් කර ඇත්තේ (Covid 19 -Community Mobility Report ) ලෙසයි. ස්මාර්ට් ජංගම දුරකතනයේ "Google map App" යෙදුම තිබුණද ඔවුන් අත්තර්ජාලය භාවිතා කරන ආකාරය සහ එම යෙදුම හරහා දත්ත ලබා ගත හැකි ආකාරය අනුව (Location history) මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත. මේ අනුව පසුගිය පෙබරවාරි 16වදා සිට මාර්තු මස 29වනදා දක්වා කාලය තුල දත්ත මෙම වාර්තාවට ඇතුලත් වේ. අදාල කාලය තුල ජනතාව ගමන් කළ සහ රැදී සිටින ප්‍රදේශ අනුව කොටස් 6 ක් යටතේ මෙම සමීක්ෂණය සකස් කර ඇත. විනෝදාස්වාදය ලබන ස්ථාන සහ කෟතුකාගාර කොටස යටතේ ශ්‍රී ලංකාවේ ජනතාව Covid 19 ව්‍යාප්තියට ප්‍රථම ගැවසුන ආකාරය අනුව 86%ක ප්‍රතිශතයින් අඩු වීමක් දක්වනු ඇති. සිල්ලර වෙළෛඳසැල් සහ ඖෂධහල් ආශ්‍රිතව ගැවසීව 87%කින් අඩු වී ඇති බව වාර්තා වේ සටහන් වේ. උද්‍යාන (වෙරළා,සත්ව උද්‍යාන, උද්බිත උද්‍යාන) ආශ්‍රිතව 57%ක අඩුවීමක් පෙන්නුම් කරයි. පොදු ප්‍රවාහ ස්ථාන වල ගැවිසීම 78%කින් පහළ බැස ඇත. රැකියා ස්ථාන වල 50%කින් අඩු වී තිබේ. නිවාසවල රැදි සිටිම වෙනදාට වඩා 32%කින් ඉහළ ගොස් ඇති බවද පෙන්නුම් කරයි. ගුගල් සමාගම පවසන්නේ මේ තුලින් රටක සමස්ථ ජනයාගේ ක්‍රියා කලාපය පෙන්නුම් නොකරණ බවයි
 

More News..