brand logo

කෝවිඩ් රෝගීන්ට අද ඉඳලා කරන්න යන දේ මෙන්න

19 August 2021

කෝවිඩ් රෝගීන්ට දෙවිදිහකට සලකන්න සූදානමක්

කොවිඩ් -19 ආසාදිතයින්ගේ රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හෝ නිවෙස් තුළ තබා කළමනාකරණය සඳහා යොමු කිරීමට නව ක්‍රමවේදයක් අද (19) සිට බස්නාහිර පළාත තුළ හඳුන්වා දී තිබේ. මෙම ක්‍රමවේදය කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් යන ක්‍රමවේද දෙකකින් සමන්විත වේ. කොවිඩ් 19 වෛරසය වැළඳුනු රෝගීන් පහත විස්තර ඇතුලත් කෙටි පණිවුඩයක් 1904 දුරකථන අංකයට යොමු කළ යුතුය. අ. රෝග තත්ත්වයේ ස්වභාවය I. ශ්වසන අපහසුතා ඇති රෝගීන් - A <space> II.උණ තත්ත්වයෙන් පෙලෙන රෝගීන් - B III.කිසිදු රෝග ලක්ෂණයක් නැති රෝගීන් - C ආ. වයස <space> ඇ . ජාතික හැදුනුම්පත් අංකය <space> ඈ. ලිපිනය <space> SMS මඟින් ලැබෙන තොරතුරු කොවිඩ් 19 රෝගය පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් වෙත දැනුම් දෙනු ලැබේ. රෝගීන් සපයන තොරතුරු වර්ගීකරණයෙන් පසු දුරකථන අංක 247 මඟින් ඔවුන් සම්බන්ධ කොට ගෙන රෝග තත්ත්වය නිශ්චයකර ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරනු ඇත. (ඒ සඳහා ගිලන්රථ සේවා සහ සෙසු ප්‍රතිකාර පහසුකම් සැලසෙයි) නිවසේ නිරෝධායනයට යොමු කරවන රෝගීන් වෙත වෛද්‍ය කණ්ඩායමක් දුරකථන මාර්ගයෙන් නිරතුරුව සම්බන්ධ වී අවශ්‍ය සේවා ලබාදෙනු ඇත. ( මේ සඳහාම පමණක් වෙන් කොට ඇති දුරකථන අංක 1390 හරහා එම පහසුකම සපයනු ලැබේ )
 

More News..