brand logo

කෝවිඩ් කාලේ පෞද්ගලික අංශේ වැටුප් සහනෙට වෙන්න යන දේ

07 June 2021

අසාධාරණයට ලක්වන කම්කරු පැමිණිලි භාරගන්න අලුත් විදිහක්

කොවිඩ් 19 වසංගත කාලයේදී වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයට ලබාදී ඇති සහනය, කොන්දේසි සහිතව 2021 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව එම සහනය අදාළ කර්මාන්ත ශාලාවල හෝ ආයතනවල හෝ ඉල්ලීම පරිදි අවස්ථානුකූලව කම්කරු කොමසාරිස්ගේ අවසරය පරිදි ලබාදීමට නියමිතය. මේ සම්බන්ධයෙන් වන ඉල්ලීම් දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙස අදාළ ආයතන වෙත දැනුම්දී ඇත.

වෙළෙඳ කලාප ආශ්‍රිත සේවකයන්ගේ පැමිණීම පිළිබඳව සමීක්ෂණයක් සිදු කරන ලෙසද ආයෝජන මණ්ඩලය වෙත දැනුම්දී ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

කම්කරු දෙපාර්තමේන්තුවට අයත් කම්කරු කාර්යාල මහජනතාව වෙනුවෙන් විවෘතව නොපවතින නමුත් දෙපාර්තමෙන්තුවේ නිල වෙබ් අඩවියේ (http://www.labourdept.gov.lk) "අප අමතන්න"යටතේ සඳහන් කර ඇති සන්නිවේදන මාධ්‍ය ඔස්සේ (e-mail/ whatsapp / viber ) කම්කරු නීතිවලට අදාළ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් හෝ විමසීමක් අදාළ බල ප්‍රදේශයේ කම්කරු කාර්යාල වෙත යොමු කිරීමට හැකියාව පවතින බව කම්කරු දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි. ඊට අමතරව දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල විධායක නිලධාරීන්ගේ කාර්යාලයීය සහ ජංගම දුරකථන අංක වෙබ් අඩවියේ, දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුවේ (https://www.facebook.com/labourdeptsiI) සහ ට්විටර් ගිණුමේ (https://twitter.com/labourdepts) පළකර ඇති බවද මහජනතාවට පවතින ගැටලු එම අංක ඔස්සේද දැනුම් දිය හැකි බවත් දෙපාර්තමේන්තුව පවසයි.
 

More News..