brand logo

කෝවිඩ් ඊමේල්වලින් සයිබර් ප්‍රහාර අවදානමක්

28 February 2020

කෝවිඩ් -19 වෛරසය පිළිබඳ තොරතුරු ලබාදෙන මුවාවෙන් අන්තර් ජාල තොරතුරු පරිශීලකයන්ගේ දත්ත සොරා ගැනීමේ සයිබර් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මාධ්‍ය නිවේදනයක් මගින් සඳහන් කරයි. කෝවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් නවතම තොරතුරු ඊ-මේල් මගින් දැනුවත් කිරීමේ මුවාවෙන් බලයලත් මහජන සෞඛ්‍ය ආයතනයක් සේ පෙනී සිටිමින්, ව්‍යාජ කේත ඇතුළත් මයික්‍රොසොෆ්ට් වර්ඩ් හෝ PDF ගොනුවක් ආකාරයෙන් ඉමොටෙට් (Emotet) වැනි ට්‍රෝජන් ව්‍යාජ මෘදුකාංග පරිගණක සහ ජංගම දුරකථනවලට ස්ථාපිත කරන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බව එම සංගමය පවසයි. කෝවිඩ් -19 වෛරසය පිළිබඳ පිළිගත් ආයතනයක් නොවන වෙනත් ඕනෑම ආයතනයකින් ලැබෙන ඊමේල් පණිවුඩ විවෘත නොකරන ලෙසට එම සංගමය මහජනතාවට දැනුම් දෙයි.   ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
 

More News..