brand logo

කෝලි සම්මාන පිට සම්මාන ගනිමින් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරයි

22 January 2019

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයම හිමි කර ගැනීමට ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සමත්ව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වසරේ ක්‍රීඩකයාට හිමි සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වසරේ එක්දින ක්‍රීඩකායට හිමි සම්මානය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය කෝලිට හිමිව තිබෙනවා. ඒ අනුව එම සම්මාන ත්‍රිත්ත්වය එක් අවස්ථාවකදී හිමිකර ගත් එකම හා පළමු ක්‍රීඩකයා ලෙස විරාත් කෝලි ඉතිහාසයට එක්ව තිබෙනවා. 2018 වසරට අදාළව මෙම සම්මාන ප්‍රධානය සිදුවෙයි. එසේම වසරේ එක්දින හි ටෙස්ට් කණ්ඩායම් දෙකටම නම්ව ඇති කෝලි එම කණ්ඩායම දෙකේ නායකත්වයටද නම්කර තිබෙනවා.
 

More News..