brand logo

කෝලි වීරයා බවට පත්වෙමින් එංගලන්තයේ තරගාවලි ජය පමාකරයි

23 August 2018

සත්කාරක එංගලන්ත පිල සමග පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 203 ක පහසු ජයක් ලැබීමට ඉන්දීයාව සමත් විය. මේ වනවිට තරග පහකින් සමන්විතට ටෙස්ට් තරගාවලියේ මුල් තරග දෙකම ජයගෙන සිටින එංගලන්තය තරග 2-1 ක් ලෙස තවමත් තරගාවලියේ පෙරමුණේ පසුවේ. ලකුණු 521 ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි එංගලන්ත පිලේ දෙවැනි ඉනිම ලකුණු 317 කට සීමා කිරීමට ජස්ප්‍රිට් බුම්රා ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ඉන්දියාව වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ බුම්රා ලකුණු 85 කදී කඩුලු 5 ක් බිඳ හෙළීය. පළමු ඉනිමේදී ලකුණු 97 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 103 ක් රැස්කරමින් තරගය පුරා ලකුණු අතර සිටි ඉන්දීය නායක විරාට් කෝලි තරගයේ වීරයා බවට පත්විය.
 

More News..