brand logo

කෝලි ලෝක ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකරු කරයි

07 January 2019

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා. දෙරට අතර පැවැති ටෙස්ට් තරග 4න් 2ට 1ක් ලෙසයි ඉන්දියාව තරගාවලිය ජයගනු ලැබුවේ. මෙම තරගාවලිය ජයත් සමග විරාත් කෝලිගේ නාමය සහ ඉන්දීය කණ්ඩායමේ නාමය ද ක්‍රිකට් ඉතිහාස පොත් නැවත වරක් අලුත් කර තිබෙනවා. ආසියානු ක්‍රිකට් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගත් ප්‍රථම අවස්ථාව ද මෙය වනවා. 1948 වසරේ ඕස්ට්‍රේලියාවේදි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වූ දිනයේ පටන් ඉන්දියාවට එරටදී කිසිදු ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට හැකි වූයේ නැහැ. ඒ අනුව කෝලි වසර 71කට පසුව ඉන්දියා, ඕස්ට්‍රේලියා මෙන්ම ලෝක ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරමින් මෙම වාර්තාව පිහිටුවා තිබෙනවා. දෙරට අතර පැවැති සිව්වැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් අවසන් වූයේ සිඩ්නි පිටියට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවට තරගාවලිය සම කිරීමට තිබූ අවස්ථාව ගිලිහී ගියා. සිව්වැනි ටෙස්ට් තරගයේදී ඉන්දියාව කඩුළු 7ක් දැවී ලකුණු 622ක් ලබාගෙන සිටියදී පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව සිඩ්නි පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 300ක් පමණයි. ඉන්දීය කණ්ඩායම විසින් දෙවැනි ඉනිම සදහා ද ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට පන්දුවට පහරදීමට ආරාධනා කරමින් උත්සාහ දැරුවේ ඉනිමක ජයක් ලබාගැනීමේ අරමුණින්. නමුත් කිසිවකුත් නොසිතූ ලෙස කාලගුණය හරස්වීම හේතුවෙන් එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
 

More News..