brand logo

කෝලි ප‍්‍රමුඛ ඉන්දියාව 'අහසින් පොළොවට'

13 August 2018

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ වැජඹෙන ඉන්දීය පිලට අමතක නොවන පාඩමක් කියාදෙමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 159 ක පහසු ජයක් ලැබීමට එංගලන්තය සමත් විය. මේ ජයග්‍රහණයත් සමග තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද සත්කාරක එංගලන්තයට හැකි විය. ඉනිමක පරාජයෙන් ගැලවීම උදෙසා ලකුණු 289 ක ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ඉන්දීය පිලේ දෙවැනි ඉනිම ලකුණු 130 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. විරාට් කෝලි ප‍්‍රමුඛ ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක පිති ප‍්‍රහාරයක නිරතවෙන අතරවාරයේදී නොදැවී ලකුණු 33 ක් රැස් කළ රවිචන්ද්‍රන් අශ්වින් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. ඉන්දීය පළමු ඉනිම බිඳ දමමින් ලකුණු 20 කට කඩුලූ 5 ක් දවාලූ ජේම්ස් ඇන්ඩ‍ර්සන් දෙවැනි ඉනිමේදී ලකුණු 23 කට කඩුලු 4 ක් දවාලමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. හතරේ පහර 21 ක් සමග නොදැවී ලකුණු 137 ක් රැස් කළ ක‍්‍රිස් වෝක්ස් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.
 

More News..