brand logo

කෝලි නැතිව නවසීලන්තය පරාජය කරන්න ඉන්දියාවේ සූදානම්

24 January 2019

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙකේදී සහ පන්දුවාර විස්ස තරගවලදී ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි විවේක ගැන්වීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව එම තරගවල කණ්ඩායමේ නායකත්ව රෝහිත් ෂර්මා වෙත පවරා ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කරන්නේ. විරාත් කෝලි වෙනුවට ඉන්දීය පිලට මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙක් කණ්ඩායමට කැදවා නැහැ. මෑත කාලයේ එක්දින තරගවලට විරාට් කෝලි කණ්ඩායමේ නොමැතිව විදෙස් සංචාරයකට (ආසියානු රටවලින් හැර) ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන පළමු අවස්ථාව ද මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 

More News..