brand logo

කෝලි නැතිව ගහන්න ගිය ඉන්දියාවට වෙච්ච දේ

31 January 2019

සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය මේ වන විට හැමිල්ටන් හිදී පැවැත්වෙමින් තිබෙනවා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත පිල මුලින්ම පන්දුවට පහරදීම සදහා ඉන්දීය පිලට ආරාධනා කර සිටියා. ඒ අනුව පිටියට පැමිණි ඉන්දීය පිතිකරුවන් අන්ත අසරණ භාවයට පත්කරමින් පිටියට ආ විගසම හරවා ක්‍රීඩාගාරයට යැවීමට නවසීලන්ත පිතිකරුවන් සමත්වුණා. ඉන්දීය පිතිකරුවන් සියලුමදෙනා පන්දුවාර 30යි පන්දු 5ක් තුළ ලකුණු 92කට දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවූ Trent Boult කඩුළු 5ක් දවා ගැනීමට සමත් වුණා. ඊට අමතරව Colin de Grandhomme කඩුළු 3ක් දවාගත්තා. දෙරට අතර පැවැත්වෙන සිව්වැනි සහ පස්වන තරග දෙක සදහා විරාට් කෝලිව කණ්ඩායමට ඇතුළත් නොකර ඔහු විවේක ගැන්වීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා. ඒ අනුව අද පැවැත්වෙන තරගයට විරාට් කෝලි ඉන්දීය කණ්ඩායමේ නොමැති අතර, කණ්ඩායමේ නායකත්ව දරනු ලබන්නේ රෝහිත් ෂර්මා විසින්.
 

More News..