brand logo

කෝලි ඩිල්ෂාන්ගේ තැනගනී

15 January 2019

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර 11 වැනි ස්ථානයට පත්වීමට ඉන්දීය නායක විරාත් කෝලි අද (15) සමත් වුණා. ඒ සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග මේ වන විට ඇඩිලේඩ් හි පැවැත්වෙන තරගයේදීයි. මෙම තරගයේදී විරාත් කෝලි ලකුණු 104ක් රැස්කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ඩිල්ෂාන්ගේ ලකුණු සංඛ්‍යාව අභිබවා ගියා. ඩිල්ෂාන් එක්දින තරග 330කදී ලකුණු 10290ක් රැස්කරගෙන තිබෙන අතර විරාත් කෝලි තරග 218කදී ලකුණු 10339ක් රැස්කරමින් ඩිල්ෂාන්ගේ වාර්තාව මෙලෙස අභිබවා ගියා. කෝලි අද රැස්කළේ සිය 39 වැනි එක්දින ශතකය වන අතර එය දෙවැනි වන්නේ ශතක 49ක් රැස්කරගෙන ඇති සචින්ට පමණක්වීමද විශේෂත්වයක්.
 

More News..