brand logo

කෝප් කමිටුව ලබන 22වැනි දා රැස්වෙයි

17 June 2021

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ රැස්වීමක් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලබන 22වැනිදා අඟහරුවාදා පැවැත්වීමට තීරණය කර තිබේ.

එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ මෙම රැස්වීමේදී කෝප් කමිටුව විසින් මෙතෙක් ඉදිරිපත් කොට ඇති වාර්තා මගින් දක්වා ඇති ආයතන සහ එම ආයතන සඳහා දෙන ලද නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව සමාලෝචනය කිරීමට නියමිත බවයි. [caption id="attachment_152135" align="aligncenter" width="597"] මහාචාර්ය චරිත හේරත්[/caption]

කෝප් කමිටු රැස්වීම් ඉදිරියේදී මාර්ගගත ක්‍රමයට

එමෙන්ම කෝප් කමිටු රැස්වීම් ඉදිරියේදී මාර්ගගත ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු පැවසීය. එමෙන්ම ඉදිරියේදී කෝප් කමිටුවට කැඳවීමට නියමිත ආයතන මොනවාද යන්න තීරණය කිරිමටද මෙහිදී බලාපොරොත්තු වන බව කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
 

More News..