brand logo

කෝප් කමිටුවට නව සමාජිකයින් පත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද

07 January 2020

කෝප් කමිටුව ඇතුළු පාර්ලිමේන්තු කමිටු සඳහා නව සමාජිකයින් පත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙයි. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාව සඳහා පක්ෂ නායකයින් සහභාගී වීමට නියමිතව ඇති අතර දැනට පුරප්පාඩු වී පවතින රාජ්‍ය මුදල් කාරක සභාව,රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීම පිළිබඳ අවසන් එකඟතාවකට එළඹීමට මෙම සාකච්ඡාවේදී සැලසුම් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කාරක සභා 10 ක් අහෝසි වී ඇත.
 

More News..