brand logo

කෝටි 800ක තෙල් ණයට

07 February 2020

ලංකා විදුලිබල මණ්ඩලය මගින් විදුලිය මිලදී ගන්නා කෙරවළපිටිය වෙස්කොස් පෞද්ගලික ඩීසල් විදුලි බලාගාරයට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් බිලියන 8ක ඩීසල් ලබාදීම ගැන විමර්ශනයක් ආරම්භ කර ඇත. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයෙන් ඊයේ (6) මෙම විමර්ශනය ආරම්භ කළේය.
විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ ( 6 වැනිදා) පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇත. කෙරවළපිටිය පෞද්ගලික ඩීසල් බලාගාරයට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්දන සපයා ඇති බව අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මෙම සාකච්ඡාවේදී ඇමැතිවරයාට දැනුම් දී තිබේ. පෞද්ගලික බලාගාරයකට රාජ්‍ය ආයතනයක් විසින් ඩීසල් ලබාදීම නීති විරෝධී බවද නීතිපතිවරයා අමාත්‍යාංශයට දැනුම් දී ඇත. මෙම බලාගාරයට ඩීසල් සපයා දීම අත්හිටුවූ බව ප්‍රකාශ කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය සඳුදා (3 වැනිදා) විදුලි කප්පාදුවක් සිදු කිරීමට සූදානම් විය. නමුත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා වාර්තා සඳහන් කරන්නේ එම බලාගාරයේ ඩීසල් ලීටර් 1500ක් එදින තිබූ බවයි.
උදයජීව ඒකනායක
 

More News..