brand logo

කෝටි 500යේ දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැවුමා සතුව තිබී පිස්තෝල දෙකක සොයාගැනේ

07 March 2019

පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි 500ක් පමණ වටිනාකමකින් යුත් දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැළුම් ඉන්දික හෙවත් කැවුමා සතුව තිබූ පිස්තෝල දෙකක් සොයා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානතම සමීපතමයෙකු වන කැවුමා විසින් ඔහුගේ සියලූම අපරාධ ක්‍රියාවන් මෙහෙයවා ඇති බවට මේ වනවිට තොරතුරු ලැබී තිබෙන අතර කළුතරදී බන්ධනාගාර බස් රථයකට පහරදී සමයං ඇතුලූ පිරිස ඝාතනය කිරීම සහ පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඇතුලූ පිරිසකට වෙඩි තැබීමද මොහු විසින් මෙහෙයවා ඇති බවටය අනාවරණ වී ඇත. මේ අතර සැකකරු කුලියට ගෙන තිබූ නිවාස දෙකක තිබී ජීව උණ්ඩ 647ක්, ජංගම දුරකථන 126ක්, අත්විලංගු 3ක්, රන් පවුම් 40 ක් සහ පොලිස් හා යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් කිහිපයක් පෙරේදා සොයා ගැනීමට හැකිවිය.
 

More News..