brand logo

කෝටි 50ක සුරා බදු ආදායමක් අහිමි වෙයි

18 April 2020

කොවිඩ්-19 වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාව තුළ සියලුම සුරාසල් වසා දැමීම හේතුවෙන් රුපියල් කෝටි පනහක සුරා බද්දක් මහා භාණ්ඩාගාරයට අහිමි වී ඇත. සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේ මත්පැන් නිෂ්පාදනයේදී සහ වෙළෙඳාමේදී අය කරන සුරාබදු මෙලෙස අහිමිව ඇති බවයි. කෙසේ වෙතත් මත්පැන් නිෂ්පාදනය නොකළද පසුගිය දෙසතිය තුළ දිවයින පුරා නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවද ඔහු අවධාරණය කර සිටියි. එවැනි නීතිවිරෝධී මත්පැන් වැටලීම් 491ක්ද සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකර ඇත. එම වැටලීම් සිදු කිරීම සඳහා සුරාබදු නිලධාරීන් 1200ක් සිටින අතර එය ප්‍රමාණවත් නොවන බවද ඔහු සඳහන් කළේය. නිලධාරී සංඛ්‍යාව ඉහළ දමන ලෙසට අවස්ථා තුනකදී ඉල්ලීම් කළද එය මෙතෙක් ඉටු නොවූ බවද ඔහු සඳහන් කළේය.   උදයජීව ඒකනායක
 

More News..