brand logo

කෝටි නවයකට අධික අලාභයක් - ID එකෙන් රු. 47ක්

11 October 2020

  පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පෙර මුද්‍රිත කාඩ්පත් මිලදී ගැනීමට සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී අදාළ සමාගමට එක් කාඩ්පතක් සඳහා රුපියල් 47ක මුදලක් වැඩියෙන් අය කර ඇති බව වාර්තාවේ. එහි දී පෙර මුද්‍රිත කාඩ්පත් ලක්ෂ දහයක් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී ප්‍රසම්පාදනය හිමි කර ගත් සමාගමට රුපියල් මිලියන 47ක මුදලක් නොගෙවීමට අභ්‍යන්තර ආරක්ෂක හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය පසුගිය රජය සමයේ දී සිදු වී ඇත. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී සිදු වී ඇති අධි දූෂණ තත්ත්වය නිසා රජයට රුපියල් කෝටි නවයකට අධික අලාභයක් සිදුව ඇති බව අමාත්‍යාංශය ගණනය කර ඇත. මෙම ප්‍රසම්පාදනය හිමි කරගත් සමාගම එක් කාඩ්පතක් සඳහා මිල නියම කර තිබුණේ රුපියල් 171.50කටය. එහෙත් සිදු වූ දූෂණය හේතුවෙන් එක් කාඩ්පතක් සඳහා රුපියල් 124.50 බැගින් ගෙවීමට අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පරීක්ෂණයක් සිදු කරන ලදී. ඊට හේතු වූයේ අඩු මිලට ටෙන්ඩර් ඉදිරිපත්ව තිබියදී වැඩි මුදලකට ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගමට ලබා දීම නිසා බවද අමාත්‍යාංශය සඳහන් කරයි. උදයජීව ඒකනායක
 

More News..