brand logo

කෝටි දෙකක් වටිනා මාලිංග සහ මැතිව්ස්

12 December 2018

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඇන්ජෙලෝ මැතිව්ස් එහි ඉහළම වෙන්දේසි කාණ්ඩයට ඇතුළත් තිබෙනවා. මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉහළ ඛාණ්ඩයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි දෙකක් වනවා. එම කාණ්ඩයට මාලිංගි සහ මැතිව්ස් ඇතුළත්වීම විශේෂත්වයක් බවයි විදෙස් ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ. අදාළ කාණ්ඩයට තවත් ක්‍රීඩකයින් 7 දෙනෙකු ඇතුළත් වනවා. ඒ අනුව ඔවුන්ට ලංසු ඉදිරිපත් කිරීමේ අවම මුදල් ප්‍රමාණය ඉන්දීය රුපියල් කෝටි දෙකක් වනවා. ඊට අමතරව කුසල් ජනිත් පෙරේරා ඉන්දීය රුපියල් ලක්ෂ 75 කාණ්ඩයට, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, දසුන් ශානක සහ ඉසුරු උදාන ඉන්දීය රුපියල් ලක්ෂ 50 කාණ්ඩයට ඇතුළත්ව තිබෙනවා. දෙසැම්බර් මස 18 වැනිදා පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන අතර, ඊට ක්‍රීඩකයින් 1003 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා. ඊට විදෙස් ක්‍රීඩකයින් 232 ක් ඇතුළත් වනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 28ක් ද ඊට ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.
 

More News..