brand logo

කෝටි ගණන් වැය කර පාසල්වලට උෂ්ණත්වමාන ගැනීම බොරු වැඩක්

17 June 2020

කොවිඩ් 19 වයිරසය වැළැක්වීම සඳහා රුපියල් මිලියන එකසිය දාසයක් වැය කරමින් පාසල් සඳහා උෂ්ණත්වමාන මිලදී ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. මෙතරම් විශාල මුදලක් වැය කරමින් සිසුන්ගේ උෂ්ණත්වය මැනීම වෙනුවට පාසල් ආශ්‍රිතව කොවිඩ් 19 වයිරසය වැළැක්වීම සඳහා ගතහැකි තවත් වැඩදායි පියවර රැසක් ඇති බව අධ්‍යාපන ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
පාසල් යළි විවෘත කිරීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස රුපියල් මිලියන එකසිය දාසයක් වැය කර අධෝරක්ත උෂ්ණත්වමාන මිලදී ගැනීමට සූදානම් වන බව අපට දැනගැනීමට ලැබී ඇත. කෙසේ වෙතත් මෑත කාලීනව වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයන්ගෙන් බහුතරයක් උණ රෝගයෙන් ආසාදනය වී දින කිහිපයකට පසු කොවිඩ් 19 රෝගී තත්ත්වයෙන් උණ රෝගී ලක්ෂණ ප්‍රදර්ශනය වී ඇත. එම නිසා කොවිඩ් 19 වැළැක්වීමේ පියවරක් ලෙස මෙලෙස විශාල මුදලක් වැය කරමින් උෂ්ණත්වමාන භාවිතය විද්‍යාත්මක පදනමින් සාධාරණීයකරණය කළ නොහැක. ඒ වෙනුවට කොවිඩ් 19 වයිරසය වැළැක්වීම සඳහා ගත යුතු ගලායන ජලය, දෑත් පිරිසුදු කිරීමේ සනීපාරක්ෂක ද්‍රව්‍ය, මුහුණු ආවරණ හා ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීම වැනි අවශ්‍යතා සඳහා අදාළ මුදල වැය කිරීම සුදුසු බව අපගේ අදහසයි, යනුවෙන්ද සඳහන් එම ලිපියේ කවරයෙන් කොවිඩ් ආසාදිත ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නම් සිය දරුවන් පාසල් නොයවන ලෙස මාපියන්ට තරයේ අවවාද කරන බවද සඳහන්ව තිබේ. නයන තරංග ගමගේ • උදයජීව ඒකනායක
 

More News..