brand logo

කෝටියකට වැඩි ගංජා සමඟ ‘වෙලේ මාළු’ අහුවෙයි

28 September 2020

රුපියල් එක්කෝටි විසිලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ හතළිහක් සමග සැකකරුවන් හයදෙනකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් පෙරේදා (26 වැනිදා) කොළඹදී අත්අඩංගුවට ගනු ලැබීය. ‘වෙලේ මාළු’ නාමයෙන් හැඳින්වෙන මෙම කේරළ ගංජා ජාවාරමේ ප්‍රධාන සැකකරුද ඒ අතර වේ. මන්නාරම පේසාලේ ප්‍රදේශයේ සිට කොළඹට රැගෙන එන මෙම කේරළ ගංජා අනතුරුව බස්නාහිර පළාත පුරා බෙදාහැරීම සිදුකර ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබේ. මන්නාරමේ සිට කොළඹට කේරළ ගංජා රැගෙන විත් ඇත්තේ මාළු ව්‍යාපාරයක් කරන මුවාවෙනි. බොලෙරෝ ජීප් රථයක රහසිගතව තනා තිබූ තට්ටුවක් අතර ඒවා සඟවා තිබිණි. කොළඹ මැනිං වෙළෙඳපොළට එළවළු රැගෙන එන මුවාවෙන් බදුල්ල හා මොනරාගල සිට ගංජා කොළඹට රැගෙන එන පුද්ගලයකුද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත. හේමන්ත ලියනපතිරණ      
 

More News..