brand logo

කෝටිපති ධීවරයා මරන්න ආයුදේ දීපු මධුෂ්ගේ ගෝලයා අල්ලයි

21 January 2020

තංගල්ල, කුඩාවැල්ල වරායේදී කෝටිපති ධීවරයකු ඇතුළු සිව් දෙනකුව එකතැන ඝාතනය කළ පාතාල කොන්ත්‍රාත්තුව සඳහා ගිනි අවි සැපයූ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ කල්ලිය සමග සබඳතා පැවැත්වූ පාතාලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත. පිස්තෝලයක් හා ටී 56 ගිනි අවියක් රැගෙන පැමිණි ඝාතකයන් 2018 දෙසැම්බර් 25 දා කුඩාවැල්ල ධීවර වරායේදී සිව් දෙනකු ඝාතනය කර අට දෙනකුට තුවාල සිදුකර පලාගොස් තිබිණි. මෙම ඝාතනයේ වෙඩික්කරු බව කියන මධුෂ්ගේ ගෝලයකු වන සුපුන් නමැත්තා රට පැන ගොස් තිබිණි. ඝාතකයන්ට ගිනි අවි ලබාදුන් සුපුන් නමැති පාතලයා බෝට්ටු හිමිකරුවකු වන බවත්, මොහුගේ මව ස්විට්සර්ලන්තයේ සිටින බවත් හෙළි වී ඇත. වසරක් තිස්සේ සොයාගත නොහැකිව සිටි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නේ තංගල්ලේ, වලස්ගල නිවසට පැමිණි මොහොතේ ලද තොරතුරක් මතය. මිනීමැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවාගේ නියෝග මත පොලිස් පරීක්ෂක රාජකරුණා ඇතුළු කණ්ඩායමක් තංගල්ලට ගොස් සැකකරු අල්ලාගෙන ඇති අතර ඝාතනයට සම්බන්ධ ගිනි අවිය සොයා ගැනීමට විමර්ශන අරඹා ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..