brand logo

කෝට්ටේ මහනගර සභාවේ අබලන්ව තිබූ වාහන අලුත්වැඩියා කරයි

03 August 2020

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ භාවිතයෙන් ඉවත් කර අබලි යකඩ සඳහා විකිණීමට සූදානම් කර තිබූ වාහන විස්සක් යළි භාවිතයට ගත හැකි සේ අලුත්වැඩියා කර රුපියල් කෝටි දහයක පමණ වටිනාකමින් යුතු වාහන ලෙස ඒවා නගර සභාවට යළි හිමි කර දීම පසුගියදා සිදු විය. ටිපර් රථ, බවුසර, දොඹකර, ගිනි නිවීම් රථ හා කසළ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා රථ ඇතුළු මෙම රථ වාහන අබලි යකඩ සඳහා විකිණුවේ නම් ඒ සියල්ල වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක පමණ මිලක් හිමිවීමට තිබූ නමුත් නගර සභාවේ කාර්මික ශිල්පීන් යොදවමින් රුපියල් ලක්ෂ 200ක පමණ මුදලක් වැය කර මෙම වාහන සියල්ල යථා තත්ත්වයට පත් කිරීමට හැකිව තිබේ. නගර සභාවේ කාර්මික අංගනයට නව පණක් දෙමින් ඒ සඳහා කාර්මික ශිල්පීන් බඳවා ගැනීමට ඉකුත් සමයේ කටයුතු කර තිබූ අතර මෙම වාහන මෙලෙස යථා තත්ත්වයට පත්කිරීමට හැකිව ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව මෙය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට රුපියල් ලක්ෂ 800ක පමණ ඉතිරියක් සිදු කළ ව්‍යාපෘතියක් බවට පත්වනු ඇත.
 

More News..