brand logo

කෝච්චියේ හොරෙන් ගිය අයට 75,000ක් දඩ

22 January 2021

    කොටුව දුම්රිය ස්ථානයේ පැය දෙකක් තුළ කළ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවකදි පැරණි වාර ප්‍රවේශ පත්‍රවලින් හා ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කිරීමට පැමිණි මගීන් 40 දෙනකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එම මෙහෙයුම පෙරේදා (20දා) පස්වරු 04.00 සිට 06.00 දක්වා සිදු කෙරිණි. ප්‍රවේශපත්‍ර පරීක්ෂාවේදි අත්අඩංගුවට ගත් මගීන් 25 දෙනකුගෙන් ඒ මොහොතේම එක් අයකුගෙන් රුපියල් 3020 බැගින් රුපියල් 75500 දඩ මුදලක් අය කර ගැනීමට කොටුව මෙහෙයුම් ඒකකයේ දුම්රිය ආරක්ෂක නිලධාරීහු සමත් වූහ. මෙහිදී ඒ මොහො​තේ දඩ මුදල් ගෙවීමට නොහැකි මගීන් ඇප කර තබා ගොස් ඇතැයිද දුම්රිය ආරක්ෂක නිලධාරීහු පවසති. දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම් අඩුවීම හේතුවෙන් කළ මෙම සෝදිසි මෙහෙයුමේදී හෙළි වූයේ බොහෝ දෙනකු කොරෝනා වසංගත තත්ත්වයට මුවා වී හොරෙන් ගමන් කිරීමට පුරුදු වී ඇති බවයි. මගීන් බොහෝ දෙනකු පසුගිය වසරේ මාර්තු ජූලි අගෝස්තු වැනි මාසවල වාර ප්‍රවේශපත්‍රවලින් ගමන් කර තිබූ බවද දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි. නිමල් රාජපක්ෂ
 

More News..