brand logo

කෝකේන් ගහන ආණ්ඩුවක් එක්ක කොහොමද කොකේන් නැති කරන්නේ - විපක්ෂනායක

19 February 2019

කොකේන් භාවිතා කරන ආණ්ඩුවක් සමඟ කොකේන් නැති කළ නොහැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේ අද (19) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී මාධ්‍යට අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීවේය. ඒ මහතා ප්‍රකාශ කර සිටියේ කොකේන් භාවිතා කරන අය කැබිනට් එකේ ඉන්නවා නම් ඒක ප්‍රසිද්ධියේ කියන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොටම චෝදනා කරන්න බැහැ. කැබිනට් මණ්ඩලයේ ඉන්න සියලුම දෙනාට චෝදනා ඉදිරිපත් කරල තිබෙනවා. ඒ අය දැනගන්න ඕන කැබිනට් මණ්ඩලය බේරගන්න. කෝකේන් ගහන ආණ්ඩුවක් එක්ක කොහොමද කොකේන් නැති කරන්නේ. මේ වකවානුවේදී සිදුවන ඇතැම් සිදුවීම් 89 -90 කාලයේදී වුණ සිදුවීම් වගෙයි. ඒ කාලයෙත් ඇවිත් උස්සගෙන ගිහින් අතුරුදන් කළා. දැනුත් ඒ වගේ අතුරුදන් කරල තිබෙනවා. ආණ්ඩුව මේවට වග කියන්න ඕන. මේවායින් මිදෙන්න ඒ අයට බැහැ. රජය වගකීම බාරගත යුතුයි. පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතුයි. එහෙමත් නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණය තියන්න ඕන. ජනාධිපතිවරණයටත් අපි සූදානම්. ඕනෑම මැතිවරණයකට අපි සූදානම් යනුවෙනි.
 

More News..